-4.8 C
New York

අබුඩාබි නගරයට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ලවෙයි. ඉන්දීය ජාතිකයන් දෙදෙනකුත් මරුට

Published:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයට ප්‍රහාර දෙකක් එල්ල වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එරට පොලිසිය පවසා ඇත්තේ මෙම ප්‍රහාර දෙක ඩ්‍රෝන මගින් එලකර ඇති බවයි.

එම ප්‍රහාර හේතුවෙන් ඉන්දීය ජාතිකයන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියගොස් තවත් 06 දෙනකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.

එම ප්‍රහාරය එල්ල වී සුළු වේලාවකට පසු යේමනයේ සිටින හවුති කැරළිකරුවන් කණ්ඩායමක් විසින් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.

අබුඩාබි ගුවන් තොටුපොළේ ඉදිකිරීම් සිදුවෙමින් පවතින ස්ථානයකට එක් ප්‍රහාරයක් එල්ලකර ඇති අතර අනෙක් ප්‍රහාරය මුසෆ්ෆා ප්‍රදේශයේ තෙල් බෙදාහැරීම් ස්ථානයකට එල්ල කර තිබේ.

එහි තිබූ ඉන්ධන ප්‍රවාහන රථ 03ක් ප්‍රහාරය හේතුවෙන් ගිනිගෙන ඇත.

හව්ති කැරළිකරුවන් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර යුද මෙහෙයුමක් දියත් කළ බවයි. ඒ සම්බන්ධ විස්තර ඉදිරියේ දි අනාවරණය කරන බව ද එම හව්ති සටන්කරුවෝ පවසා තිබේ.

https://www.ndtv.com/world-news/uae-says-suspects-drones-behind-abu-dhabi-fires-yemens-houthis-claim-attack-2712608

https://www.republicworld.com/world-news/middle-east/abu-dhabi-airport-attack-live-updates-3-killed-including-2-indians-six-others-injured-liveblog.html

Related articles

Recent articles

spot_img