-2.1 C
New York

මහනුවර “ටොම්ලින් උද්‍යානය” සහ “සහස් උයන රථ ගාල” විවෘත කරයි

Published:

මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ඉදිකළ “ටොම්ලින් උද්‍යානය” හා සහස් උයන “නාගරික රථගාල උද්‍යානය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (16) පස්වරුවේ විවෘත කරන ලදි.

ලෝක බැංකු ණය ආධාර යටතේ ලැබුණු රුපියල් ලක්ෂ 3,740ක් (කෝටි 37.4ක්) වැයකර මෙය ඉදිකර ඇත්තේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ උපාය මාර්ගික නගර සංවර්ධණ ව්‍යාපෘතිය මගිනි.

මෙයට අමතරව සහන් උයන නාගරික රථගාල උද්‍යානය ද විවෘත කෙරිණි. එහි විවෘත රංග පීඨයක්, හස්ත කර්මාන්ත වෙළෙඳ සංකීර්ණයක්, ආහාර අළෙවි සංකීර්ණයක් හා ළමා උද්‍යානයක් ද ස්ථාපිත කර තිබේ. නාගරික රථගාල උද්‍යානය සඳහා ලෝක බැංකු ආධාර යටතේ රුපියල් ලක්ෂ 5,310ක් (කෝටි 53.1ක්) වැය කර ඇත.

Related articles

Recent articles

spot_img