“මැණිකේ මගේ හිතේ” ගීතයේ තනුව උත්තර් ප්‍රදේශ් මැතිවරණයේ දී නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂයේ තේමා ගීතයට යොදාගෙන තිබේ.
මැතිවරණයේ දී ජනතාව ඡනද්ය ප්‍රකාශ කළ යුත්තේ අගමැති මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ මහ ඇමති අපේක්ෂක යෝගී වෙනුවෙන් බව මෙම තනුව යොදාගෙන නිර්මාණය කර ඇති ගීතයෙන් කියවේ. ‘Yehi Modi, Yogi, Upyogi, Upyogi…aayegi phir se BJP’ යන වචන මෙම ගීතයේ තනුවට එකතු කර ඇත.
මැණිකේ මගේ හිතේ ගීතය “සංවේදී ශ්‍රී ලාංකේය සිංහල භාෂාවේ ගීතය” වශයෙන් ඉන්දීය මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබිණි.
උත්තර් ප්‍රදේශ මැතිවරණය පෙබරවාරි 10 වැනි දා ආරම්භවන අතර අවසන් වන්නේ මාර්තු මස 07 වැනි දා ය. උත්තර් ප්‍රදේශ් ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තයයි.