spot_img
spot_imgspot_img

කොරෝනා ගැන ලෝකයට ම සුබ ආරංචියක්

පුවත්

විදෙස්

සමස්ත ලෝකයම භීතියට පත්කළ මාරාන්තික කොරෝනා ‍වයිරසය 2022 අගෝස්තු මාසය පමණ වනවිට සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවක් බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර ඇත.

වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ කොරෝනා වයිරසයේ විකෘතියක් ලෙස බිහි වූ ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතාමත් වේගයෙන් ලෝකය පුරා පැතිරයාමෙන් මිනිසා තුළ ඇතිවන ස්වභාවික ප්‍රතිශක්තීකරණයත්, එන්නත්කරණයත් ඊට හේතුවන බවයි.

ඔමික්‍රෝන් හේතුවෙන් කොරෝනා රැල්ල වඩාත් උච්ඡතම අවස්ථාවකට පැමිණිය ද එහි දී දැඩි සත්කාර අවශ්‍යවන රෝගීන් සංඛ්‍යාව සහ මරණයට පත්වන සංඛ්‍යාව ඉතාමත් අඩු ප්‍රතිශතයක් ගැනීම වඩාත් සැනසිලිදායක කරුණක් බව පර්යේෂකයෝ කියති. ඔමික්‍රෝන් ප්‍රභේදය විසින් ඩෙල්ටා ප්‍රභේදය යටපත් කරන අතර එන්නත්කරණය ද ඩෙල්ටා ප්‍රභේදය යටපත් කිරීමට සමත්ව ඇත.

වෛද්‍යවරු පෙන්වා දෙන්නේ මෙම තත්වයෙන් ප්‍රයෝජන ගැනීමට නම් මිත්‍යාමතවලට නොරැවටී හැකි ඉක්මණින් සෑම දෙනකුම බූස්ටර් එන්නත ලබාගත යුතු බවයි. එසේ බූස්ටර් එන්නත ලබා නොගතහොත් එය සමස්ත සමාජයටම කරනු ලබ හානියක් බව ද ඔවුහු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!