-4.8 C
New York

උතුරු දුම්රිය ධාවනය මාස 05කට නවතා දමයි

Published:

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට උතුරු කොටස මාස 05ක කාලයකට වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මහව සිට ඕමන්තේ දක්වා ඇති කිලෝ මීටර 120ක දුරක් සංවර්ධනය කිරීමට නියමිත බැවින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් ද වැයවන බවට ඇස්තමේන්තු කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දැනට මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර 80ක් බවයි. එසේ වුව ද මාර්ගයේ ඇතැම් ස්ථානවලට වේග සීමාව ඊටත් වඩා අඩු අගයක් ගන්නා බැවින් සංවර්ධනය කිරීමෙන් පසු පැයට කිලෝ මීටර 100ක උපරිම වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මෙම සංවර්ධන කටයුතු සිදුකරන්නේ ඉන්දීය ණය ආධාර ක්‍රමයක් යටතේ ය.

Related articles

Recent articles

spot_img