පිතිකරුවන්ගේ වගකීම මනාව තේරුම්ගත් පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල් සහ චරිත් අසලංක එක්ව සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරඟයේ දී කඩුලු 05ක ජයක් ශ්‍රී ලංකාවට හිමිකර දුන්හ.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙතෙක් කණ්ඩායමක් හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද මෙවර ශ්‍ර්‍රී ලංකාව සතුවිය.
ඒ අනුව තරඟාවලිය 1-0ක් ලෙස පරමුණ ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුපිරි ලීගයේ ලකුණු 52ක් හිමිකරගැනීමට සමත්විය.
කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 296ක් ලබාගැනීමට සමත්විය. ජෝන් විලියම්ස් 100 සහ රෙගීස් චකබ්වා 72 ඔවුන්ගේ ඉනිම ශක්තිමත් කිරීමට සමත්විය.
පළමු ඕවර 10 අවසන් වනවිට සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 47ක් ලබා තිබිණි. ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ තාකුඩ්ෂේ කයිතානෝ දැවීයන විට පළමු ගඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 80කි.
අවසන් පන්දුවාර 10 දී ලකුණු 69ක් ලබාගත් සිම්බාබ්වේ පිතිකරුවන් තරඟයක් දිය හැකි අභියෝගාත්මක ඉසව්වකට ලකුණු පුවරුව ඔසවා තැබුවේ ශ්‍රී ලංකාවට ඕවරයකට ලකුණු 06 සමාන්‍යයක් රඳවා ගැනීමට සිදුවන ආකාරයෙනි.
සිය පස්වැනි එක්දින ශතකය ලැබූ ජෝන් විලියම්ස් (100) හතරේ පහර 09ක් සහ හයේ පහර 02ක් ඉට් ඇතුළත් කළේය. ඔහු දැවී යනවිට සිම්බාබ්වේ ලකුණු සංඛ්‍යාව 280 ද ඉක්මවා තිබිණි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරක් කළ පැතුම් නිස්සංක පන්දු 71ක දී ලකුණු 75ක් ලබාගත්තේ හතරේ පහර 10ක් ද සිය ඉනිමට ඇතුළත් කරමිනි.
කුසල් මෙන්ඩිස් ලකුණු 26කට සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 17කට දැවී ගියහ. ඉන්පසු නිස්සංක හා එක්වූ චන්දිමාල් ප්‍රහාරය දියත්කරමින් සිටි නිස්සංකට වැඩි අවස්ථාවක් දුන්නේය. නිස්සංකගේ දැවීයාමෙන් පසු එතෙක් හිස නමාගෙන සිටි දිනේෂ් චන්දිමාල් චරිත් අසලංක සමගින් ක්‍රියාත්මක වෙමින් සිව්වැනි කඩුල්ල සඳහා අගනා ලකුණු 129ක සබඳතාවක් ගොඩනංවමින් ජයග්‍රහණය ආසන්නයට ම කණ්ඩායම රැගෙන ගියේය. චරිත් අසලංක ජයග්‍රහණය පෙනි පෙනී කඩුල්ල මුවාකිරිමේ වරදට හසුව දැවීයන විට ලකුණු 71ක් රැස්කරගෙන සිටියේය. ඔහුගේ පා ආවරණයේ දැවටුණු පන්දුව ඒ වනවිටත් හතරේ සීමාව ඉක්මවා ගොස් තිබූ බැවින් එය දැවී යාමක් නොවූවේය නම් ඒ සමඟම කණ්ඩායම‍් දෙකේ ලකුණු සම වීමට තිබිණි.
චරිත් අසලංකගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසි චාමික කරුණාරත්න සහ දසුන් ශානක නොදැවී පිළිවෙලින් ලකුණු 05ක් සහ 10ක් රැස්කරනෙ සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 48.3ක දී කඩුළු 05ක් දැවී ලකුණු 300ක් ලබමින් ජයගහණය තහවුරු කරගත්තේය.
දිනේෂ් චන්දිමාල් තරඟයේ වීරයා ලෙස සම්මාන ලැබුවේය.

