-2.1 C
New York

දිනකට පැය 04ක් විදුලිය විසන්ධි කිරීමක් ඉදිරියේ දී බලාපොරොත්තු වෙන්න

Published:

ඉදිරි දිනවල දී දිනකට පැය හතරක පමණ විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

එම සංගම‍යේ සභාපති සෞම්‍ය කුමාරවඩු පවසන්නේ විදුලිබල මණ්ඩලය සතුව ඇත්තේ ඉදිරි දින දෙකකට පමණක් ප්‍රමාණවත් ඩීසල් මෙට්‍රික් ටොන්න 3,000ක් පමණක් බවයි. එමෙන්ම දින 22කට ප්‍රමාණවත් දැවි තෙල් ද මණ්ඩලය සතුව ඇත.

එබැවින් දින තුනකට පසු විදුලි ඉල්ලුම අඩුකර පද්ධතියේ සමබරතාව රැකගැනීම සඳහා දින තුනකට පසු විදුලි විසන්ධිකිරීමට අනිවාර්යයෙන් ම සිදුවන බව ද හෙතෙම පෙන්වා දෙයි.

ජල විදුලි උත්පාදනය ද ඉතාමත් අවම මට්ටමක පැවතීම, නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග අවසන්වෙමින් යාම සහ ප්‍රමාණවත් තරම් තොග නොලැබීම මේ ගැටලුව තවත් උග්‍ර වීමට හේතු වී තිබේ. මෙවැනි අවස්ථාවක දී ශ්‍රී ලංකාවට විකල්ප බලශක්ති ප්‍රභවයන් ද නැති බව ඔහු පෙන්වාදුන්නේය.

එබැවින් ඩොලර් ගැටලුව විසඳාගත නොහැකි වුවහොත් බරපතල විදුලි අර්බුදයකට මුහුණ දීමට ශ්‍රී ලාංකිකයන්ට සිදුවන බව ද ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි.

Related articles

Recent articles

spot_img