-2.1 C
New York

විවෘත කළ මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී කොටස

Published:

මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කිලෝ මිටර 32ක් දුරැති අධිවේගි මාර්ග කොටස ඊයේ (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කෙරිණි.

එම දුර සඳහා ගතවන ගමන් කාලය විනාඩි 25ක් ලෙස ගණනය කර ඇත. මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ මිරිගමින් සහ කුරුණෑගල යග්ගහපිටිය අතර දුර ගමන් කිරීම සඳහා රෝද 04ක වාහනයකින් රුපියල් 250.00ක්, රෝද 06ක වාහනයකින් රුපියල් 350.00ක් සහ රෝද හයට වැඩි වාහනයක් සඳහා රුපියල් 550.00ක් ලෙස අයකරන බවයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කොටසේ මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගහපිටිය ලෙස අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05ක් පිහිටා තිබේ. මෙම මාර්ගය භාවිතා කිරීමේ දී නියමිත වේග සීමා සහ  නියමිත දුර ප්‍රමාණ පවත්වාගෙන යමින්  ධාවනයේ  යෙදෙන්නැයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් ඉල්ලා සිටියි.

මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ පොදු ප්‍රවාහන බස් රථ ධාවනය මේ මස 20 වැනිදා සිට ආරම්භ වන බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා කීවේය.

කොළඹ සිට මහනුවර සහ කොළඹ සිට කුරුණෑගල දක්වා පළමුවෙන්ම බස් ධාවනය ආරම්භ කරන බව ද හෙතෙම පවසයි.

Related articles

Recent articles

spot_img