spot_img
spot_imgspot_img

පෙට්‍රල් සංයුතිය වෙනස් කරලා. ඉන්ධන කාර්යක්ෂමතාව අඩුවෙයි. වාහනවලටත් හානි ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වල අළෙවි කරන පෙට්‍රල් සංයුතිය වෙනස් වී ඇතැයි ද ඒ හේතුවෙන් වෙනදා පෙට්‍රල් ලීටයරකින් ගිය දුර යා නොහැකියැයි ද ජනතාව චෝදනා කරති.

මේ පිළිබඳ අදහස් දැක්වූ අයකු මෙසේ කීවේය.

“මම ගාල්ලේ කලේගාන හනිදියෙන් මගේ ප්ලැටිනා බයිසිකලේට පෙට්‍රල් රුපියල් 300.00 ක පිරෙව්වා. සාමාන්‍යයෙන් ඒ බයිසිකලේ ලීටරයකින් කිලෝ මීටර 50කට වඩා යන්න පුළුවන්. මම එතන ඉදලා ගාල්ලට ගියා. ගාල්ලේ දී කිලෝ මීටර දෙකක් විතර අමතර දුවලා නැවත ගෙදරට එද්දී පෙට්‍රල් ඉවර වෙලා මම රුපියල් 300ක පෙට්‍රල් ගහගෙන කිලෝ මීටර 20ක් දුවලා නෑ.”

අපි මේ ගැන සොයා බැලීම සඳහා පෙට්‍රල් වීදුරු බෝතලයකට දමා බැලුවෙමු. එහි වර්ණය වෙනදාට බොහෝ දුඹුරු පැහැයට හැරී ඇත. සංයුතිය වෙනස් වී ඇතැයි නගන චෝදනාවේ සත්‍යයක් තිබිය යුතුය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා කළේ ඔක්ටේන් අගය 92 සහ 95 පෙට්‍රල් වන අතර ජනතාව මෙතෙක් ඒවා භාවිතා කරන ලදී. නමුත් දැන් නව සංයුතියක් හඳුන්වා දී ඇතැයි තතු දන්නෝ කියති. මේ වනවිට ශ්‍රී ලංකාවේ භාවිතා කරන පෙට්‍රල්වලට 1-K Kerosene හෙවත් සල්ෆර් අඩු භුමි තෙල් 40%ක් එක්කර තිබේ.

භූමිතෙල් යනු වර්ණයක් නොමැති සංයෝගයකි. අතීතයේ භූමිතෙල් නිල් පැහැයෙන් තිබූ අතර වර්තමානයේ එය රතු පැහැතිය. භූමිතෙල්වලට මේ වර්ණය ලබාදෙන්නේ ඒවා පෙට්‍රල්වලට කලවම් කිරීම වැළැක්වීමේ අරමුණෙනි.

නමුත් දැන් රාජ්‍ය මට්ටමින්ම පෙට්‍රල්වලට භූමිතෙල් වර්ගයක් කළවම් කරන බවට චෝදනා එල්ල වෙමින් තිබේ. එලෙස කළවම් කරන්නේ කාබන් දාමය 6-16 දක්වා වූ භූමිතෙල් මිශ්‍රණයකි. මේ කලවම් කිරීම හේතුනේ අවම වශයෙන් 92ක තිබිය යුතු ඔක්ටේන් අගය පෙට්‍රල්වල 76ක් දක්වා අඩුවෙයි.

මේ හේතුවෙන් යතුරුපැදි ඇතුළු සියලුම වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව ඉතාමත් අඩු වෙයි. ලීටරයකින් ධාවනය කළ හැකි කිලෝ මීටර ගණන වෙනදා ධාවනය කළ කිලෝ මීටර ප්‍රමාණයේ සිට 20%-35% දක්වා අඩුවීම සිදුවේ. තවත් ආකාරයකින් කියන්නේ නම් ඔබේ වාහනය මීට පෙර ලීටරයකින් කිලෝ මීටර 100ක් ධාවනය වූවානම් දැන් ධාවනය කළ හැකි වන්නේ කිලෝ මීටර 20-35ත් අතර ප්‍රමාණයකි.

Electronic control unit (ETU) සහිත වාහනවල ද මෙම වෙනස් සංයුතියක් සහිත පෙට්‍රල් හේතුවෙන් ඉන්ධන කාර්යක්ෂමතාව 10%-20% අතර ප්‍රමාණයකින් අඩුවෙයි.

මෝටර්රථ කාර්මික ශිල්පීන් පවසන්නේ මෙවැනි සංයුතිය වෙනස් වූ පෙට්‍රල් භාවිතා කිරීමේ දී වාහනයකට කෙටි කාලීන හානියක් සිදු නොවන බවයි. නමුත් දීර්ඝ කාලයක් මෙලෙස භූමිතෙල් කලවම් කළ පෙට්‍රල් භාවිතා කළහොත් වාහනවලට හානි සිදුවිය හැකියාව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!