-2.1 C
New York

ඔමික්‍රොන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ප්‍රභේදය බවට දැනටමත් පත්වෙලා

Published:

කොරෝනා ආසාදිත බව තහවුරු කරගැනීමෙන් අනතුරුව අහඹු ලෙස තෝරාගන්නා ලද පුද්ගලයන් 182ක පිරිසකගේ   කරන ලද ජාන අනුක්‍රමිකතා පරික්ෂණවලින් ඉන් 160 දෙනකු ඔමික්‍රොන් ආසාදිත බව තහවුරු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.

ඒ අනුව ජාන අනුක්‍රමිකතා පරීක්ෂණ සිදුකළ අය ඔමික්‍රෝන් බව තහවුරු වීම 87.91% විශාල ප්‍රතිශතයකි.

වෛද්‍ය ජීවන්දර පවසන්නේ මේ පරීක්ෂාකිරීම් සිදුකරන ලද්දේ ගුවන්තොටුපොළ ආශ්‍රිත විද්‍යාගාර මගින් ලැබුණු සාම්පල වැඩි ප්‍රමාණයකින් බවයි. ඒ අතරින්න වැඩි දෙනකු ශ්‍රී ලංකාවෙන් පිටව යනවිට පරීක්ෂාවකට ලක්කළ අය බවත් රටට ඇතුළුවන කිහිප දෙනකුගේ සාම්පල ද ඒ අතර තිබෙන බවත් ඔහු පැවසීය. ඒ අනුව ආසාදිතයන් වාර්තා වි ඇත්තේ කොළඹ, ගාල්ල, මාතර, මහනුවර, ගම්පහ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලිනි.

“මේ දත්ත අනුව පැහැදිළි වෙනවා ඔමික්‍රෝන් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්ව තිබෙන බව.” යැයි ද හෙතෙම කීවේය.

Related articles

Recent articles

spot_img