-2.5 C
New York

සංගක්කාර රටේ සියලු දෙනාට දුන් විශේෂ පණිවිඩය

Published:

“අපි පුංචි අභ්‍යාසයක් කරමු.  ඔබට මා ඇසෙනවා ද ?”

ඔහු තම දකුණත ඔසවා මෙසේ අසයි

“මෙතන ඇඟිලි කීයක් තිබෙනවා ද ? පහයි. ඉතාමත් හොඳයි. හරි, ඔබ හිතල බලන්න අපේ රටේ සිටින එක ජන කොට්ඨාසයක් එක් ඇඟිල්ලක් විදියට. අපි අනිත් අතත් භාවිතා කරමු.”

සංගක්කාර තම වමතට, ඔහුගේ දකුණු අතෙහි එක් ඇඟිල්ලකින් තට්ටුකරයි. පුංචි ශබ්දයක් නිකුත්වේ.

“සමහර විට මේ සිංහල කතාකරන අය විය හැකියි. නැතිනම් බෞද්ධ විය හැකියි. මේ එක ජන කොටසක්. ශබ්දය ඇසෙනවා ද ? අඩු ශබ්දයක් ඇහෙන්නේ නේද ? අපි තව ජන කොටසක් එකතු කරමු.”

ඔහු තම දකුණතේ ඇඟිලි දෙකකින් වම් අතේ අල්ල මතට තට්ටු කරයි. ශබ්දය කලින්ට වඩා හොඳින් ඇසේ.

“දැන් තුන්වැනි කොටසත් එකතු කරමි. දැන් මම මේ රටේ සියලු ජන කොටස් එකතු කරනවා. ඔබට ඇහෙනවා ද ඒ හඬ. ඒ හඬ තමයි රටේ සැබෑම හඬ. ඔබට පෙර සිටි පිරිස කළ කී දෑ අමතක කරන්න. ඔබට අවස්ථාවක් ලැබුණු විට ඔබේ බාල පරපුරට මේ පණිවිඩය ගෙනයන්න. ශ්‍රී ලංකාව එකම රටක් ලෙස සාමූහිකව ගොඩනැගීමට ඔබත් දායක වන්න. සියලු ශ්‍රී ලාංකිකයන් එකතු වෙමු.”

Related articles

Recent articles

spot_img