-2.1 C
New York

පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජනපතිගේ ක්‍රියාවක් විවේචනය කරයි

Published:

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධූරයන් ඉවත්කළ පසු ජනාධිපති නියෝගයෙන් යළි පත්කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දැක්වීමක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ සමාජ මාධ්‍ය ජාලාවල පළකර තිබේ.

ලිට්‍රෝ සභාපතිවරයා පසුගිය කාලය පුරාම ලංකාව අසමත් කළ බවත් එහි දේශපාලන බර අත්විදින්නට සිදුවන්නේ පොදු ජන පෙරමුණට බවත් හෙතෙම කියයි. එමෙන්ම ජනාධිපතිවරයා ද එම ධූරයට පත්‍කළේ පොදුජන පෙරමුණ මගින් බව ද ඔහු සිහිපත් කර ඇත.

කෙෂාර ජයසිංහ මහතා ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කර එම ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කරන ලෙස දන්වමින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ඊයේ පෙරවරුවේ ලිපියක් යවා තිබිණි.

එසේ වුව ද ජනාධිපතිවරයා විසින් රේණුක පෙරේරාගේ පත්වීම අවලංගු කර තෙෂාර ජයසිංහ යළි පත්කළේය.

එම සටහනේ ඡායාරූපයක් පහතින්

Related articles

Recent articles

spot_img