-5.2 C
New York

විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් දින 18 දක්වා දීමට තෙල් සංස්ථාව එකඟ වෙයි

Published:

විදුලිබල මණ්ඩලය සඳහා දිනකට ‍ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 බැගින් ණය පදනමේ ලබාදීමට තීරණය කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසයි.

එම තෙල් ලබාදෙන්නේ ලබන අඟහරුවාදා (18) දක්වා පමණි. එදින පැවැත්වෙන සාකච්ඡාවකින් පසු ඉදිරියට සිදුකරන කාර්යයන් ගැන තීරණය කරන බව ද ඔහු කීවේය.

තවදුරටත් ණය පදනම මත විදුලිිබල මණ්ඩලයට ඩීසල් ලබාදීමට නොහැකි බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබුණ ද මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ අඛණ්ඩ විදුලිි සැපයුමක් ජනතාව වෙත ලබාදීමේ අපේක්ෂාවෙන් බව ද සභාපතිවරයා පවසයි. ඉන්දන නොලැබීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමට වීම හේතුවෙන් මෙවැනි තීරණයක් ගෙන ඇත. ඩීසල් නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරය නතර කිරීමට සිදුව තිබෙන අතර නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රියවීම හේතුවෙන් ගැටලුව තවත් උග්‍රවී තිබේ.

මේ හේතුවෙවන් විදුලි කප්පාදුවකට අදාල කාල සටහනක් ද විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කෙරිණි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 18 වැනි දා දක්වා ඩීසල් සැපයීමට එකඟවී තිබිය දී පවා ඊයේ (13) වරින් වර ස්ථාන රැසක විදුලිය කලින් දැනුම් දුන් වේලාවන්ට පරිභාහිරව විසන්ධි කර තිබිණි.

Related articles

Recent articles

spot_img