spot_img

කොළඹ ඉන්න පිටගම්කාරයන් ගැන පොලිසිය තොරතුරු සොයයි

පුවත්

විදෙස්

කොළඹට ස්ථිර පදිංචියක් නැති, නගරයට පැමිණ විවිධ සේවා සැපයීම් සිදුකරන පුද්ගලයන්ගේ තොරතුරු ලබගැනීමේ විශේෂ වැඩසහනක් අද (14) සිට ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

මෙම කාර්යය අද 14, හෙට 15 සහ ඉරිදා 16 දින තුනෙහි සිදුකිරීමට නියමිතය

කොළඹ නගරයේ අපරාධ සහ මත්ද්‍රව්‍ය භාවිතය දුරලීමට සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි කාර්යයක් සිදුකරන බවයි.

කොළඹ මහ නගර සභා සීමාවේ ස්ථිර පිදිංචිකරුවන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ආයතන, රාජ්‍ය හෝ පුද්ගලික පරිශ්‍රයන්, ඉදිකිරීම් භූමි ආදියේ නවාතැන් ගෙන සිටින සියලු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු රැස්කිරීමට නියමිතය.

පොලිසිය පවසන්නේ ඉහත කී ස්ථානවල පදිංචිකරුවන් සිටීනම් එම දින තුනේ දී තම ප්‍රදේශයෙ සංචාරය කරන පොලිස් නිලධාරීන් වෙතින් හෝ ආසන්නතම පොලිස් ස්ථාන වෙතින් මේ සඳහා විශේෂයෙන් සකස් කරන ලද පෝරමයක් ලබාගෙන එහි අදාල පුද්ගලයන්ගේ නිවැරදි තොරතුරු ඇතුළත් කර පොලිස් යළි භාරදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles