-5.9 C
New York

ආරක්ෂිත යැයි කී ලිට්‍රෝ සිලින්ඩරයක් ගිනිගනී. නිවසකට දැඩි හානි

Published:

කුරුණෑගල, වෙ‍ලන්ගොල්ලේ නිවසක ගෑස් සිලින්ඩරයක් ගිනි ගැනීමෙන් එම නිවසේ කුස්සියට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.

නිවසේ හිමිකරු පවසන්නේ ලිට්‍රෝ සමාගමේ ගෑස් අළෙවි නියෝජිතයකුගෙන් මෙය මිල දී ගත් බවයි. ආරක්ෂිත සිලින්ඩර ලෙස නම්කර ඇති කළු සහ රතු මුද්‍රාව සහිත සිලින්ඩරයක් මිල දී ගෙන නිවසට රැගෙනවිත් ටික වේලාවකට පසු එය ඉබේම ගිනිගෙන ඇතැයි හිමිකරු පොලිසියට පවසා ඇත.

කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න මැඩපවත්වා ඇත.

Related articles

Recent articles

spot_img