-4.8 C
New York

ආණ්ඩුව සභාපතිධූරත් රිවස් කරයි. ලිට්‍රෝ සභාපති ඉවත්කර පැයකට පසු යළි පත්කරයි

Published:

ලිටෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ අද (13) උදෑසන එම ධූරයෙන් ඉවත්කර යළිි පැයකට පමණ පසු නැවතත් සභාපති ධූරයට පත්කර තිබෙබ්.

තෙෂාර ජයසිංහ සභාපතිධූරයෙන් ඉවත්කළ බවත් නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා පත්කරන ලද බවත් පවසමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලිපියක් මගින් දැනුම් දී තිබිණි.

එම ලිපියේ සඳහන් කර තිබුණේ ඔහු ලිට්‍රෝ සමාගමේ සභාපති ධූරයෙන් පමණක් නොව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ද ඉවත්කළ බවයි.

සභාපතිවරයා ඉවත්කිරීම සිදුවූයේ ජනාධිපතිවරයාගේ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අනුදැනුම මත බව ද පැවසිණි. යළි ඔහු පත්කිරීමේ දී ද සඳහන් කර ඇත්තේ ජනාධිපති රාජපක්ෂගේ සහ මුදල් ඇමති රාජපක්ෂගේ උපදෙස් මත ඔහු පත්කරන බවයි.

අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ලිට්‍රෝ සමාගමේ ගෑස් පර්යන්තය නිරීක්ෂණයට ගොස් තිබිණි. තෙෂාර ජයසිංහගේ ඉවත්කිරීම අත්හිටුවන ලෙස ඉන් පසු ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද දැනුම්දුන් බව දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img