-5.9 C
New York

දකුණේ පාසල් වාර විභාග අවුල් ජාලයක්. විෂයන් කිහිපයක ම පිළිතුරු කලින්ම පිටවෙලා

Published:

දකුණු පළාත් සභාව විසින් මේ දිනවල පවත්වනු ලබන පාසල් වාරවිභාගය දැන් අවුල් ජාලයක් බවට පත්ව ඇතැයි ගුරු සංගම් චෝදනා කරයි.

විෂයයන් කිහිපයක ම මේ වනවිට පිළිතුරු පත්‍ර ප්‍රශ්න පත්‍ර ලැබීමට පෙර සහ ප්‍රශ්න පත්‍ර සමඟ ළමුන් අතට පත්ව තිබීම ගැටලුවකි.

උසස් පෙළ බෞද්ධ ශිෂ්ඨාචාරය ප්‍රශ්න පත්‍රය සමඟ උත්තර පත්‍ර ද එකටම මුද්‍රණය කර ප්‍රශ්න පත්‍රය බෙදන අවස්ථාවේ දී ඒවා ද බෙදා දී තිබිණි.

ඊයේ (11) පැවැති 10 ශ්‍රේණියේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට අදාල උත්තර පත්‍ර ඇගයුම් පත්‍රිකා ළමුන් අතට පත්වී තිබිණි. මීට අමතරව අද (12) පැවැති 10 වසර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රශ්න පත්‍රයට අදාල උත්තර පත්‍ර ඇගයුම් පත්‍රිකා  ඊයේ රාත්‍රී වනවිට සිසුන්ගේ WhatsApp සමූහයන්වල හුවමාරු වීමට පටන් ගෙන තිබිණි.

මෙම ගැටලුව සම්බන්ධයේන වහාම පරීක්සයක් පවත්වන ලෙස එවැනි ගැටලු සහගත තත්වයන් සඳහා වගකිව යුතු පුද්ගලයන්ට වහාම දඬුවම් ලබාදෙන ලෙසත් ලංකා ගුරු සංගමය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.

ලංකා ගුරු සංගමයේ මධ්‍යම කාරක සභික සහ ගාල්ල දිසා ලේකම් කැලුම් ද සිල්වා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ  ගාල්ල දිස්ත්‍රික් ලේකම් කැළුම් ද සිල්වා පවසන්නේ නැවත එම විෂයයන් සම්බන්ධයෙන් විභාගය පැවැත්විය යුතු බවයි. මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන පාසල්වල පවත්වන වාර විභාග සම්බන්ධයෙන් සිසු සිසුවියන්ගේ විශ්වාසය තහවුරු කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

Recent articles

spot_img