-1.1 C
New York

රන් සංචිතය විකුණූ බලධාරීන්, ‘ශුද්ධ සිංහලෙන්’ කියූ කතාව

Published:

මහ බැංකුව විසින් ශුද්ධ සිංහල භා‍ෂාවෙන් අපභ්‍රංශ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මෙරට රන් සංචිතය විකුණා දමා ඇතැයි rata.lk ඇතුළු වෙබ් අඩවි ගණනාවකින් කරන ලද හෙළිදරව් කිරීම් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ ලැබුණු ප්‍රතිචාරයට පිළිතුරු වශයෙනි.

මෙරට රන් සංචිතයෙන් කොටසක් විකුණා දමා ඇති බව අපි සරල සිංහල භාෂාවෙන් පාඨකයාට ඉදිරිපත් කළේ මහ බැංකවේ ම දත්ත වාර්තා උපුටා දක්වමිනි.

එම ප්‍රචාරයෙන් පසු මහ බැංකුව “රන් සංචිත කළඹෙහි ද්‍රවශීලතාවය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව රන් සම්භාර 2021 වර්ෂය අගවන විට අඩුවන්නට ඇති.” යනුවෙන් සහ “සංචිත කළමනාකරණ අවශ්‍යතා සමඟ අනුකූලව නිල සංචිතවල සංයුතියේ වෙනස්වීම් පැහැදිලි කරන ලදී. විචක්ෂණ සංචිත කළමනාකරණ ක්‍රියාවලිය හා අනුකූලව, රන් සම්භාර සන්තකයේ තබා ගැනීම හෝ ද්‍රවශීල කිරීම සදහා වූ මහ බැංකුවේ අදහස පිළිබිඹු කරමින් රන් සම්භාරයේ සංයුතිය කලින් කලට වෙනස්වනු ඇත.” අපභ්‍රංශ ප්‍රකාශයක් නිකුත් කරයි.

තමන් කරන කියන දේ සරල සිංහලෙන් තේරුම්කර දීමටවත් සමත්කමක් නොදක්වන මහ බැංකු බලධාරීන්ට රටේ ආර්ථිකය හැසිරවීමට නොහැකි බවනම් අමුතුවෙන් කිව යුතු නැතැයි facebook හි පළකර ඇති මේ සටහනට ප්‍රතිචාර දක්වමින් බොහෝ දෙනකු සටහන් තබා ඇත.

Related articles

Recent articles

spot_img