spot_img

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත්වෙයි

පුවත්

විදෙස්

දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට බී.ඩබ්ලිව්.ක්‍රිසන්ත මහේන්ද්‍ර පත්ව සිටියි. ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන මහේන්ද්‍ර 1996 දී කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයට 2000 වර්ෂයේ දී එක් වූ හෙතෙම මහා භාණ්ඩාගාරයේ අයවැය දෙපාර්තමේන්තුවේ සහකාර අයවැය අධ්‍යක්ෂ ලෙස පත්වූයේය. වසර 15ක් පමණ මහා භාණ්ඩාගාරයේ විවිධ අංශයන්හි සේවය කළ ඔහු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙස , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රසම්පාදන) ලෙස ද කටයුතු කර තිබේ.

පරිසර අමාත්‍යාංශයේ තිරසර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස ද කලක් කටයුතු කළ ක්‍රිසන්ත මහේන්ද්‍ර දකුණු පළාත් සභාවේ තනතුරකට පත්වන්නේ 2015 නොවැම්බර් මාසයේ දී ය. ඒ දකුණු පළාත් සභාවේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂවරයා ලෙසිනි. ඉන් අනතුරුව 2020 ඔක්තෝබර් මාසයේ දී දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ලෙස පත්ව කටයුතු කළේය.  

ජර්මනියේ බර්ලින් නුවර පොට්ස්ඩෑම් විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධාරියකු වන  මහේන්ද්‍ර, විදේශීය රටවල් කිහිපයකම ඩිප්ලෝමා සහ පුහුණු පාඨමාලාවන්  හදාරා ඇත.  ජපානයේ දී පරිගණක තාක්ෂණය පිළිබද පුහුණුවක් ද, චීනයේ දී රාජ්‍ය  මූල්‍ය කළමනාකරණ පුහුණුවක් ද, තායිලන්තයේ සහ ඉන්දියාවේ කළමනාකරණය  පිළිබඳ පුහුණුවක්  ද  ඒ අතර වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ “ප්‍රධාන නව්‍යකරණ නිලධාරී” ඩිප්ලෝමා පාඨමාලාව ද හෙතෙම හදාරා ඇති ඔහු ජාත්‍යන්තර සමුළු කිහිපයක දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

(ඡායාරූපය – දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ අතින් පත්වීමේ ලිපිය භාරගන්නා අවස්ථාව)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles