spot_img
spot_imgspot_img

උද්දමනය වැඩිවීම කොටස් වෙළෙඳ පොළ ආයොජනයට වාසියක් වෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 54,688ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් 7,938ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 37කින් පශල ගිය අතර දිනය අවසානයේ එය ඒකක 13,079ක් ලෙස සටහන් විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1,295යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 726යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 682යි ලෙසත්, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එස්එන්බී ලීසිං (X) කොටස් මිලියන 98යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 45ය, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කොටස් මිලියන 39යි ලෙස ප්‍රමුඛ විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර අද දිනය අවසානයේත් පළමු තැන තිබුණේ එක්ස්පෝ ලංකා සමාගයි. ඒ රුපියල් බිලියන 746ක වත්කම් වාර්තා කරමිනි. දෙවැනි ස්ථානයට එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම පත්ව තිබුණු අතර එහි වත්කම් බිලියන 634ක් විය. බිලියන 247ක වත්කම් වාර්තා කළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම තුන්වැනි තැනට පත්ව තිබිණි.

හුන්නස්ෆෝල්ස් හෝටල් සමාගමේ කොටස් අද 49%කින් ඉහළ ගිය අතර මල්ටි ෆිනෑන්ස් සමාගමේ කොටස් 29%කින් සහ බ්ලූ ඩයමන්ඩ් සමාගමේ කොටස් 25%කින් ඉහළ ගොස් තිබිණි.

සංවෘත කවය තුළ ‍ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ කොටස් 170,000ක් රුපිපයල් 156.50 බැගින්, හේලීස් සමාගමේ කොටස් 142,000ක් රුපියල් 141.00 බැගින්, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලියන 27.515ක් රුපියල් 28.00 බැගින් ගනුදෙනු විය.

විදේශීය ආයෝජකයන් විසින් අද රුපියල් මිලියන 87ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 130ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් මිලියන 43ක මුදලක් විදේශීය ආයෝජකයන් විසින් ඉවත්කරගෙන තිබේ.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර හේලීස් සමාගම රුපියල් මිලියන 16ය, ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 15යි, සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 13යි, හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 08යි, එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 04යි ලෙසත්, විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ඩයලෝග් සමාගම රුපියල් මිලියන 48ය, ෆ්‍රී ඒකර් ෆාර්ම් සමාගම රුපියල් මිලියන 28යි, ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 6.7යි, ඕවර්සීස් රියලටි සමාගම රුපියල් මිලියන 5.7යි, ඩ්ප්ට් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 5.6යි වශයෙන් කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ දර්ශක පසුගිය කාලසීමව තුළ දී ලෝකයේ විශිෂ්ඨතම කොටස් වෙළෙඳ පොළ ලෙස ඉහළ ගිය බැවින් එම අගයන් යම් ප්‍රමාණයකින් පහළට වැටෙනු ඇතැයි ගනුදෙනු කරුවෝ බලාපොරොත්තු වූහ. නමුත් වර්තමානයේ පවතින අධික උද්ධමනය, ආනයන සීමා කිරීම, ආයෝජන අවස්ථා සීමාවීම නිසා දිගින් දිගටම ආයෝජකයන් තම මුදල් විශාල වශයෙන් කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කිරීමත් හේතුවෙන් කොළඹ කොාටස් වෙළෙඳ පොළ අගයන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළ කරති.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!