වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මුදාහරින්න යැයි තොරතුරු කොමිසම කළ නියෝගයට එරෙහිව පාර්ලිමේන්තු මහලේකම්වරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙපළක් අද (11) ඉවත්විය.
මෙලෙස ඉවත්වූයේ රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන් දෙදෙනාය.
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සහ නියෝජ්‍ය මහ ලේකම් කේ. ඒ. රෝහණධීර විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි. එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා තොරතුරු කොමිසම නම්කරනු ලැබ ඇත.
මෙම පෙත්සම අද (11) අභියාචනාධිකරණය හමුවේ කැඳවුණු ලැබූ අවස්ථාවේදී විනිසුරුවන් දේපළ ඉන් ඉවත්වන බව දැනුම් දුන් අතර අදාළ අභියාචනා පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන ලෙසට ද මෙහිදී නියෝග නිකුත් විණි.
අභියාචනා පෙත්සමේ සඳහන් වන්නේ මාධ්‍යවේදී චාමර සම්පත් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛන ලබාදෙන ලෙසට තොරතුරු කොමිසම කළ නියෝගය නීතියට පටහැනි බවයි. එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත්කරන ලෙසත් අදාළ නියෝගය බල රහතිි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබේ.
මෙම අභියාචනය ලබන 20 වනදා යලි කැද වෙයි.