ශ්‍රී ලංකාවේ සිසුන් වාර්ෂිකව දහස් ගණනක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමෙන් ඩොලර් මිලියන සිය ගණනක් විදේශ විනිමය රටින් පිටතට ගලා යාම මූල්‍ය අර්බුධයකට මඟ පාදන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කීවේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (10) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උත්සවයකට සහභාගී වෙමිනි.
අගමැතිවරයා එහි දී මෙසේ ද කීවේය.
“උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට අපේක්ෂා කළ විශාල සිසුන් සංඛ්‍යාවක් රට තුළම රදවා ගනිමින්¸ ආරක්ෂක විශ්වවිද්‍යාලය ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය රටට ඉතිරි කර දීමට සමත් වූ බව අපගේ විශ්වාසයයි. විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රවේශය පුළුල් කිරීම තුළින් දරුවන් විශාල පිරිසකට උසස් අධ්‍යාපන අවකාශ සලසා දීම අපේ රජයේ දැක්මයි. ඒ අනුව ක්‍රියා කරමින් පසුගිය වසරේ දී රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම් වැඩි කළා. අපේ අනාගත පරපුර සඳහා පිරිනමන උපාධි පාඨමාලාවල විෂය නිර්දේශය කාලානුරූපීව, කාර්මික හා තාක්ෂණික වශයෙන් හඳුනාගත් නව ප්‍රවණතා ඔස්සේ යාවත්කාලීන කිරීමද ඉතා වැදගත් වෙනවා.”