-5.9 C
New York

“සර් බීලා නේද ?” OIC එක්ක බීපු රියදුරා පොලිසියට බලය පෙන්වයි (වීඩි‍යෝ)

Published:

බීමත්ව රිය පදවමින් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවීමට උත්සාහ ගන්න රියදුරකුට යාමට ඉඩදෙන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයකු දැනුම් දෙන වීඩි‍යෝ දර්ශනයක් සමාජ මාධ්‍යතුල හුවමාරු වෙමින් පවතී.

එම වීඩියෝවට අනුව රියදුරා මත්ද්‍රව්‍ය පානය කර ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරයකු සමගිනි. බීමතින් රිය පදවන්නට නොහැකි බව ඔහු පරීක්ෂාකරන පොලිස් නිලධාරියකු ප්‍රශ්න කරනවිට රියදුරා පවසන්නේ “මම ඔයාගේ OIC එක්ක බිව්වේ” යනුවෙනි.

ඔහු යන්නේ ගාල්ලට බවත්, ගාල්ලේ හපුගලට බවත් මේ බීමත් රියදුරා කියයි.

රියදුරා තම දුරකථනයෙන් ස්ථානාධිපතිවරයකුට ඇමතුමක් ගෙන “මෙතනදිම ඇල්ලුවා” යනුවෙන් කියයි.

බීමත් රියදුරා පරීක්ෂාකරන පොලිස් නිලධාරියා පියුමන්ත නම් අයෙකි. ස්ථානාධිපතිවරයා ඔහුට උපදෙස් දෙන්නේ “ඕක යවන්න” යනුවෙන් කියමිනි.

“සර්ගෙ යාලුවෙක් ද ?”යනුවෙන් නිලධාරියා පෙරළා ප්‍රශ්න කරද්දී ඇමතුමේ සිටි ස්ථානාධිපතිවරයා පවසන්නේ යන්න දෙන්න කිව්වාම එය වැඩක් නැති බවයි.

නිලධාරියා බීමත් රියදුරට යන්න කියයි.

Related articles

Recent articles

spot_img