-0.3 C
New York

ලොව ප්‍රථම වරට, මිනිසෙකුට ඌරු හදවතක්

Published:

ලොව ප්‍රථම වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට සාර්ථක ලෙස බද්ධ කිරීමට ඇමරිකානු වෛද්‍යවරුන් සමත් වී තිබේ.

සැත්කමට ලක්වූ ඇමරිකානු ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් බැල්ටිමෝර් දින තුනකට පසු සුවයෙන් සිටින බව වෛද්‍යවරු පවසති. මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථනයේ සිදුකරන ලද මෙම සැත්කමට පැය හතක් ගතවී තිබේ.

බෙනට් මහතාගේ ජීවිතය බේරා ගැනීමේ අවසාන බලාපොරොත්තුව ලෙස මෙම බද්ධ කිරීම සිදුකර ඇති නමුත් එය කෙතරම් කලක් පවතීද යන්න තවමත් පැහැදිලි නැත.

“මියයෑම හෝ ශල්‍යකර්මය යන දෙකින් මම ශල්‍යකර්මය තෝරා ගතිමි. එය අඳුරේ වෙඩි තැබීමක් බව මම දනිමි, නමුත් එය මගේ අවසාන තේරීමයි,” ශල්‍යකර්මයට දිනකට පෙර බෙනට් පැවසීය.

ඔහු මිනිස් හදවතක් බද්ධ කිරීමක් සඳහා නුසුදුසු ලෙස සලකනු ලැබ ඇති අතර, එය රෝගියා ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන විට බොහෝ වෛද්‍යවරුන් විසින් ගනු ලබන තීරණයකි.

බද්ධ කිරීම සිදු කළ වෛද්‍ය කණ්ඩායමට, එය වසර ගණනාවක පර්යේෂණවල උච්චතම අවස්ථාව සනිටුහන් කරන අතර මෙමගින් ලොව පුරා ජීවිත වෙනස් කළ හැකිවනු ඇතැයි ඔවුහු පවසති.

ශල්‍ය වෛද්‍ය බාර්ට්ලි ග්‍රිෆිත් පැවසුවේ මෙම සැත්කම මගින් ලෝකය, ඉන්ද්‍රිය අර්බුදය විසඳීමට එක් පියවරක් ඉදිරියට ගමන් කරනු ඇති බවයි‍.

එක්සත් ජනපදයේ දිනකට හෘද බද්ධ කිරීමක් බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් 17 දෙනෙකු මිය යන අතර 100,000 කට වැඩි පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව වාර්තා වේ.

ඉල්ලුම සපුරාලීම සඳහා සත්ව අවයව භාවිතා කිරීමේ හැකියාව දිගු කලක් තිස්සේ සලකා බැලූ අතර ඌරු හෘද කපාට භාවිතා කිරීම දැනටමත් සිදුවේ.

2021 ඔක්තෝම්බර් මාසයේදී නිව් යෝර්ක් හි ශල්‍ය වෛද්‍යවරු ඌරෙකුගේ වකුගඩුවක් සාර්ථකව පුද්ගලයෙකුට බද්ධ කළ බව ප්‍රකාශ කළහ. එකල මෙහෙයුම මෙතෙක් ක්ෂේත්‍රයේ දියුණුම අත්හදා බැලීම විය. කෙසේ වෙතත්, එම පුද්ගලයාගේ මොළය මිය ගියේ සුවය ලැබීමේ බලාපොරොත්තුවක් නොමැතිව ය.

බද්ධ කිරීමෙන් පසු ඔහුගේ ජීවිතය සාර්ථකව පවත්වාගෙන යෑමට හැකිවනු ඇතැයි බෙනට් මහතා බලාපොරොත්තු වෙයි. ශල්‍යකර්මයට පෙර සති හයක් ඔහු ඇඳේ සිටි අතර, මාරාන්තික හෘද රෝගයක් ඇති බව හඳුනා ගැනීමෙන් පසු ඔහුව ජීවත් වූයේ යන්ත්‍රයක ආධාරයෙනි.

“මම සුවය ලැබීමෙන් පසු ඇඳෙන් බැසීමට බලාපොරොත්තු වෙමි,” ඔහු පසුගිය සතියේ පැවසීය.

සැත්කමින් පසු සඳුදා(10), බෙනට් තනිවම හුස්ම ගන්නා බව වාර්තා විය.

නමුත් ඊළඟට කුමක් සිදුවේද යන්න හරියටම පැහැදිලි නැත. බද්ධ කිරීම සඳහා භාවිතා කරන ලද ඌරා ජානමය වශයෙන් වෙනස් කර ඇති අතර එමඟින් බෙනට් මහතාගේ ශරීරය විසින් ඉන්ද්‍රිය ප්‍රතික්ෂේප කිරීමට හේතු විය හැකි බව AFP පුවත් ඒජන්සිය වාර්තා කරයි.

“අපි කවදාවත් මිනිසෙකු තුළ මෙවැනි සැත්කමක් කර නොමැති අතර, ඔහුගේ රෝගී තත්ත්වය සමග දිගටම ජීවත් වීමට වඩා හොඳ විකල්පයක් අපි ඔහුට ලබා දී ඇති බව සිතීමට කැමැත්තෙමි, නමුත් ඔහු කෙතරම් කලක් ජීවත් වේවිද, දවසක්, සතියක්, මාසයක්, අවුරුද්දක්, මම දන්නේ නැහැ,” මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ශල්‍ය වෛද්‍ය බාර්ට්ලි ග්‍රිෆිත් පැවසුවේය.

https://www.bbc.com/news/world-us-canada-59944889

Related articles

Recent articles

spot_img