කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහළෙන් අද (11) අලුයම බිමට පැන මියගිය කාන්තාව පිළිබඳ පොලිස් මාධ්‍ය අංශය තොරතුරු අනාවරණය කර තිබේ.
එලෙස මියගොස් ඇතේත පන්නිපිටියේ පදිංචි අප්සරා මැණිකේ රාජපක්ෂ නමැති 46 හැවිරිදි කාන්තාවකි. රුපියල් ලක්ෂ 600ක (කෝටි 06) මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනවිත් සිටිය ඇය මෙලෙස සියදිව නසාගත් බව පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ ඇය අද (11) අලුයම 3.00ට පමණ වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා එහි ගොස් වැසිකිළියේ ජනේලයෙන් බිමට පැන ඇති බවයි.
කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන සියදිවි නසාගත් පළමු අවස්ථාව මෙය යැයි ද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මළ සිරුර කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.



