-4.8 C
New York

ඔබේ නිවස අඳුරුවන වේලාව දැනගන්න. විදුලි කප්පාදුවට සියල්ල සූදානම්

Published:

ඩොලර් නොමැතිවීමෙන් රටේ ඇති වී තිබෙන අර්බුද අතරට අලුතෙන්ම එක්වන විදුලි අර්බුදය හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධිි කිරීමට මේ වනවිට සියල්ල සැළසුම් කර තිබේ.

ඒ සඳහා රජයේ  අවසරයත් ලැබී තිබූ නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් තොගයක් හදිසියේම විදුලිි බල මණ්ඩලයට ලබා දීම නිසා විදුලිි කප්පාදුව දින කිහියකට ප්‍රමාද වී තිබේ.

නමුත් විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයකු කියා සිටියේ ලබන විදුලි විසන්ධිකිරීම ආරම්භ කළ පසු ලබන මැයි මාසය දක්වාම දිනකට පැය 2ක් හෝ පැය ‍2කුත් විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි කරන්න  සිදුවන බවයි. නමුත් දැනට දැනුම් දී ඇත්තේ එක් කලාපයකට සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල රාත්‍රී කාලයේ පැයක් විදුලිය විසන්ධි කරන බවයි. ඉරිදා දිනයේ විදුලිය විස්ධි නොකරන බව ද විදුලි බල මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් සමස්ත දිවයිනම A, B,C සහ D යනුවෙන් වෙන්කර විදුලි කැපීම සිදුකරයි. මෙම ලේකණය ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය ceb.lk හි ප්‍රදර්ශනය කර තිබේ.

විදුලි කැපීම ආරම්භ වන්නේ සවස 5.30ට වන අතර 9.30 දක්වා එම විදුලි කප්පාදුව සිදුවෙයි.

Related articles

Recent articles

spot_img