-4.8 C
New York

මුදල් අච්චු ගැසීම නතර කිරීමෙන් කොටස් වෙළෙඳ පොළ පහළට ?

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 68,645ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,811ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 163කින් පහළ ගිය අතර එය ඒකක 13,117ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,127යි සනශයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 824යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 755යි ලෙස ද, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ‍ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 64යි, සෙලාන් මර්චන්ට් (X) කොටස් මිලියන 45යි, අමානා බැංකුව කොටස් මිලියන 36යි ලෙස කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම බිලියන 757ක වත්කම් හිමිකරගනිමින් පළමු ස්ථානයේත්, එල්ඕඑල්සී සමාගම බිලියන 644ක වත්කම් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේත්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම බිලියන 250ක වත්කම් හිමිකර ගනිමින් තුන්වැනි ස්ථානයේත් පසුවිය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එයිට්කන්ට් ස්පෙන්ස් ප්ලාන්ටේෂන් 24.8%කින් ද, මල්ටි ෆිනෑන්ස් සමාගම 24.7%කින් ද, ලංකා ඇලුමිනියම් සමාගම 20%කින් ද ප්‍රධාන විය.

සංවෘත කවය තුළ එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 01ක් රුපියල් 28.00 බැගින්ද, සොෆ්ට් ලොජික් සමාගම කොටස් 350,000 ක් රුපියල් 60.00 බැගින් ද හුවමාරු විය.

විදේශ ආයෝජකයන් විසින් අද දිනයේ රුපියල් මිලියන 198ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 215ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ පමණක් විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් මිලියන 17ක මුදලක් ඉවත්කරගෙන තිබේ.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 106යි, රෙජින්ස් සමාගම රුපියල් මිලියන 15යි, ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 12යි, බුවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 10යි, වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 06යි වශයෙන් ද, විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර සොෆ්ට්ලොජික් සමාගම රුපියල් මිලියන 84යි, සන්ශයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 45යි, යුනියන් බැංකුව රුපියල් මිලියන 06යි, ෆ්‍රී ඒකර් ෆාම් සමාගම රුපියල් මිලියන 06යි සහ රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 05යි වශයේන කැපී පෙණිනි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තවදුරටත් මුදල් අච්චුගැසීම නොකරන බව සහ ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන පොළී අනුපාතිකයන් ඉහළ දැමීම හේතුවෙන් කොළඹ කොටස් වෙළෙද පොළ ආයෝජන අඩුවීම සහ කොටස් මිල දර්ශකය පහළ යාමට හේතු වී තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img