-5.9 C
New York

කටුනායක ගුවන්තොටුපොළ ක්‍රියාදාම චිත්‍රපටයක සිරි ගනී. හොරෙන් පනින්න හැදූ විදේශිකයෙක් අල්ලයි

Published:

අබුඩාබි ඔස්සේ ප්‍රංශයට පලායාමට තැත් කළ ජාතිකත්වය හෙළිදරව් නොවූ විදේශිකයකු මහත් පරිශ්‍රමයක් දරා කටුනායක දී අද (10) අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ගුවන් තොටුපොළේ වහළයට පැනගත් සැකකරු දිව ගිය බවත් ශ්‍රි ලංකා ගුවන් මුදාවේ කොමාන්ඩෝ භටයන්, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලදාරීන් සහ ගුවන් තොටුපොළ පොලිසිය එක්ව ඔහු අල්ලගත් බවත් පැවසේ.

ඔහු අද අලුයම 2.45ට අබුඩාබි ඔස්සේ පැරිසිය වෙත යාමට ඉටහාඩ් ගුවන් සේව ඊවයි 265 දරණ ගුවන් යානයට ගොඩවීම සඳහා ගුවන්‍තොටුපොළට පැමිණ තිබිණි.

ඔහු ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයට පැමිණ විගමන කවුළුවට තම ලියකියවිලි නිශ්කාශනය සඳහා ඉදිරිත් කර ඇත. ඔහු ඉදිරිපත් කළ ෂීෂෙලස් ගුවන් බලපත්‍රය ගැන සැකසිතූ නිලධාරීන් එය දේශසීමා අවේක්ෂණ අංශයේ තාක්ෂණික පරීක්ෂණයට යොමුකර තිබිණි.

පසුව එහි ඇති ගැටලු සම්බන්ධයෙන් නිලධාරීන් ප්‍රශ්න කරද්දී ආරක්ෂක වැටවල් උඩින් පැන දිවගිය බව ගුවන්තොටුපොළ නිලධාරීන් පවසයි. මේ ගැන හමුදාව, පොලිසිය සහ ආරක්ෂක අංශ දැනුම්වත් කරන විට අසළ තාප්පයකට නැගගත් විදේශිකයා පිටත්වීමේ පර්යන්තයේ වහළට නැග සැඟවෙන අයුරු ගුවන් හමුදා කොමාන්ඩෝ භටයන් විසින් නිරීක්ෂණය කර තිබිණි.

ඔහුගේ අදහස වන්නට ඇත්තේ වහළ දිගේ ගොස් පිටත මාර්ගයට පැන පලා යාම විය හැකි බව ආරක්ෂක අංශ සැකකරයි. නමුත් පැයකට පමණ පසු ඔහු අත්අඩංගුවට පත්විය.

Related articles

Recent articles

spot_img