spot_img
spot_imgspot_img

“පාස්කු ප්‍රහාරය ඡන්ද සැළැස්මක් විය හැකියි” – කාදිනල් කියයි

පුවත්

විදෙස්

ඡන්දය ගැනීම සඳහා පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරියේ ද යන්න පිළිබඳ සැක සහිත බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසයි.

කාදිනල්වරයා මේ බව කියා ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ Online ක්‍රමයට පැවැති සාකච්ඡාවකට එක්වෙවමිනි. යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයන් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ දැනුම්වත් කිරීමට එම සාකච්ඡාව පැවැත්විණි.

කාදිනල්වරයා එහි දී අදහස් දක්වමින් මෙසේ ද කීවේය.

“DIG නාලක ද සිල්වා ව අත්අඩංගුවට ගත්තේ සහරාන්ව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් අරන් තියෙද්දි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව. ඒකෙ තියෙනවා, ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රට තුළ බියක් හා අවිනිශ්චිතතාවයක් ඇති කරන්න අරමුණු කරගෙන ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළා දැයි සොයා බලන්න වැඩිදුර පරීක්ෂණ සිදුකළ යුතුයැයිද නිරීක්ෂණය කරයි කියලා. මුස්ලිම් අන්තවාදින් මේක සුදානම් කළ බව ඇත්ත. නමුත් ඒකෙ තොරතුරු දැන දැන වසන් කරමින් ජනතා ඡන්දය ලබාගන්න ප්‍රහාරය වෙන්න ඉඩ දුන්නා කියා පේන්න තියෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් 60%ක වගකීම තියෙන්නේ ඔන්න ඔය නිලධාරීන් සහ දේශපාලකයින් අතේ. මෙහෙ පාලනතන්ත්‍රයේ ඉන්න අය මේක යට ගහන්නමයි හදන්නේ. මේවා  විමර්ශනයකින් තොරතුරු එළියට ගන්න මේ අය කැමති නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles