-4.8 C
New York

ඩොලර් නැතිව විදුලියත් නැතිවේ. විදුලිය කපන්න අවසරය ලැබෙයි

Published:

ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඩීසල් මිල දී ගැනීමට නොහැකි වීම, ගල් අඟුරු ආනයනයට නොහැකිවීම මෙන්ම ජල විදුලි නිෂ්පාදනයට ගැටලු මතුවීම යන හේතූන් නිසා දිනකට පැය 02ක් හා විනාඩි 30ක් විදුලිය කැපිය යුතු බවට කරන ලද දැනුම් දීමට අවසර හිමිව තිබේ.

විදුලිබල මණ්ඩලය විසින් කරන ලද මේ ඉල්ලීමට අවසර ලබාා දී ඇත්තේ ශ්‍රී ලංකා මහජන උපයොගීතා කොමිෂන් සභාව විසිනි. ඒ බව එම සභාවේ සභාපති ජනක රත්නායක තහවුරු කළේය.

විදුලි අවශ්‍යතාවයෙන් වැඩිම ප්‍රමාණයක් ලබාදෙන නොරොච්චෝලේල බලාගාරයේ දැනට ඇති ගල්අඟුරු තොග අවසන් වූ පසු ගල්අඟුරු නොමැතිවීමේ ගැටලුවකට මුහුණ පා තිබේ. ශ්‍රී ලකාව විදේශ විනිමය නොමැති අර්බුදයකට මුහුණ පා සිටින බැවින් ගල්අඟුරු සැපයුම්කරුවන් මෙවර ටෙන්ඩර් කැඳවීමේ දී ඒ සඳහා ඉදිරිපත්ව නැත.

Related articles

Recent articles

spot_img