spot_img
spot_imgspot_img

ඩෙස්මන්ඩ් ද සිල්වාගේ හඬ නිහඬ වෙයි. මාතර දී ඉපිද ඕස්ට්‍රේලියාවේ දි සමුගනී

පුවත්

විදෙස්

ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා අභාවප්‍රාප්ත වූයේය.

මියයනවිට 77 වැනි වියේ පසු වූ ඔහු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිටිය දී හදිසියේ ම ඇති වූ හෘදයාබාධයකින් මියගිය බව දැනගන්නට ඇත.

1943 ජූලි මස 13 වැනි දා ඩෙස්මන්ඩ් ඇනක්ලීටස් රාජිව ද සිල්වා නමින් මාතර දී උපන්නේය. පසුව බම්බලපිටියේ පදිංචියට ගිය ඔහු කොළඹ ශාන්ත පීතර විද්‍යාලය, ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

තම මව සහ පියා විසින් ආරම්භ කර තිබූ මෙරි මේකර්ස් නම් සංගීත කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ඔහු ගායනයට අත්පොත් තැබුවේය. පසුව ෆයර් ෆයිල්ස් නම් සංගීත කණ්ඩායමකට එක්වූ ඔහු එහි බටහිර ගීත ගායනා ශිල්පියා ලෙස කටයුතු කර තිබිණි. පසුව ඔහු ඩෙස්මන්ඩ් ඇන්ඩ් ද ක්ලෑන් සංගීත කණ්ඩායම නිර්මාණය කළ අතර වොලී බැස්ටියන් හමුවී‍මත් සමඟ බයිලා ගීත ගායනයට යොමුවිය.

ඔහු වඩාත් ජනප්‍රිය වූයේ “චූඩා මාණිකේ” නමැති සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් ගායනා කරන ගීතයෙනි. ඉන් පසු “යන්න රටවටේ”,  “පොල්කටු හැන්දෙ මිට වගේ”, “මම්ම නෝ පප්ප නෝ”, “යමන් බණ්ඩො” , “සුමිහිරි පානේ පදමට ගහලා” වැනි ගීත බෙහෙවින් ජනප්‍රියවිය.

මීට අමතරව ඔහු වාද බයිලා ගායනයෙන් ද වඩාත් රසික සිත් සතන් දිනාගත්තේය.

වයස අවුරුදු 21 දී ඩයානා නමැති තරුණියක් සමඟ විවාහ වූ ඩෙස්මන්ඩ් හට දරුවන් තිදෙනෙකි. ඉන් වැඩිමහලා දැන් ජීවතුන් අතර නැත. පසුව ඔහු නිලාමනී විජේරත්න නම් වෛද්‍යවරිය සමඟ  විවාහ වූ අතර එම විවාහයෙන් ද වෙන් වී ශ්‍රී ලංකික ඕලන්ද සම්භවයක් ඇති පිලික්ස් වැන්හවුටන් සමඟ විවාහ වූයේය. ඇයගේ යෝජනාවකට අනුව Journey නමින් ප්‍රසංගයක් රටවල් ගණනාවක පැවැත්වීමට ඩෙස්මන්ඩ් ද සිල්වා කටයුතු කළේය. ඔහු එහි ආරම්භක ප්‍රසංගය පැවැත්වූයේ තම උපන් ගම් ප්‍රදේශය වූ මාතර දී වීම විශේෂත්වයකි.  

ඔහු වසර කීපයක සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නරයේ පදිංචිව සිටියේය.

(සජීව විජේවීර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!