ඩීසල් නොමැතිවීමෙන් සහ ජලාශවල උපරිම ධාරිතාව නොමැතිවීම හේතුවෙන් දිනකට පැය දෙකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යාංශයට නිර්දේශ කර තිබේ.
මේ බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී පී.ඩබ්ලිව්.හෙන්දාහේවා විසින් මේ බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා වෙත දන්වා යවා ඇත.
එම යෝජනාවේ දැක්වෙන්නේ සෑම දිනකම පෙරවරු 11.00 සිට සවස 6.00 දක්වා කාලයේ දී විවිධ ප්‍රදේශවල පැයක විදුලි කප්පාදුවක් සහ සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලයේ දී උපරිම විනාඩි 45 බැගින් වූ විදුලි කප්පාදු දෙකක් වශයෙන් පැය 02යි විනාඩි 30ක් විදුලිය විසන්දි කළ යුතු බවයි.
විදුලි ඉල්ලුම සහ විදුලි සැපයුම අතර ඇති හිඟය පියවා ගැනීමට නම් අවම වශයෙන් පැය දෙකහමාරක් විදුලිය විසන්ධි කළ යුතු යැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පද්ධති පාලන) ආර්.අලහකෝන් විසින් මීට සති දෙකකට පමණ පෙර තමන්වෙත නිර්දේශ කර ඇති බව ද සාමාන්‍යාධිකාරීවරයා විසින් අමාත්‍යාංශ ලේකම්ට දැනුම් දී තිබේ.
පූර්ව දැනුම්දීමකින් පසු නිශ්චිත වේලාවක තෝරාගත් ප්‍රදේශයක විදුලිය විසන්ධි කළ යුතු බවත්, එසේ නොවුවහොත් ඉල්ලුමට සරිලන පරිදි සැපයුම් ලබාදීමට නොහැකිවීමෙන් විදුලි පද්ධතිය ස්වයංක්‍රීයව බිඳ වැටෙන බව ද ඔහු පෙන්වා දී ඇත.
මේ වනවිට රටේ දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 40% ජලයෙන් උත්පාදනය කරන අතර 30%ක් උත්පාදනය කරනු ලබන්නේ ගල් අඟුරුවලිනි. තෙල්වලින් 22%ක් උත්පාදනය කරන අතර 08ක් සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් නිපදවයි. විදුලිබල මණ්ඩලය පවසන්නේ කුඩා ජල විදුලි බලාගාර පවතින ප්‍රදේශවලට වැසි නොලැබීම හේතුවෙන් ඒවා බොහොමයක් මේ වනවිට ක්‍රියාත්ක නොවන බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට රුපිපයල් බිලියන 90ක මුදලක් ගෙවීම පැහැර හැර තිබේ. ඩොලර්වලින් ණය පියවන්නේ නැතිනම් ඉන්ධන සැපයීමට නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය සති තුනකට පෙර ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබිණි.