-2.1 C
New York

69 ලක්ෂයක් ම ඩොලර්වලින් ගෙවූ පසු, චීන පොහොර නැවක් යළි ශ්‍රී ලංකාව දෙසට

Published:

චීන කාබනික පොහොර රැගත් නැවක් ලබන පෙබරවාරි මාසය අවසානයේ දී හෝ මාර්තු මාසයේ මුල් සතියේ මෙරටට පැමිණෙන බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

‍චීන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 8,000ක් එලෙස රැගෙන ඒමට නියමිතය. රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව එම පොහොර තොගය රැගෙන එන බවත් එලෙස ගෙන එන්නේ මෙරටට ගෙන ඒමට නියමිත කාබනික පොහො‍ර මෙට්‍රික් ටොන් 96,000කින් කොටසක් පමණක් බත් වාර්තා වෙයි.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනුව බේරුම්කරණ ක්‍රමවේදය යටතේ මහජන බැංකුව විසින් ඊයේ (07) චීන පොහොර සමාගමට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 69 ගෙවනු ලැබීය.

කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන පවසන්නේ චීනයෙන් ආනයනය කරන පොහොර මීළඟ යල කන්නය සඳහා භාවිතා කිරීමට හැකිවනු ඇති බවයි.

Related articles

Recent articles

spot_img