-5.2 C
New York

මෛත්‍රීපාල විපක්ෂ නායක වීමේ උත්සාහයක් ?

Published:

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය ලබාගැනීමේම උත්සාහය නිරතව සිටින බව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනකු පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර එම පක්ෂයට කැබිනට් ඇමති ධූර දෙකක් සහ රාජ්‍ය ඇමති ධූර දෙකක් හිමිව ඇත. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඉදිරි කැබිනට් සංශෝධනයේ දී එම අමාත්‍යධූර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අහිමිවනු ඇති බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩු පක්ෂයේ දැනට සිටින වෙනත් පක්ෂවල මන්ත්‍රීවරු පිරිසකගේ ද විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසකගේ ද සහය ලබගෙන විපක්ෂයේ බහුතර විශ්වාසය තමන්ට ඇති බව පෙන්වා විපක්ෂ නායක ධූරය ලබාගැනීමට සැළසුම් කරන බව දේශපාලන ක්ෂේත්‍රයේ මේ දිනවල කතා වෙමින් තිබේ. ‍මේ සම්බන්ධයේන දෙමළ ජාතික සන්ධානය සමඟ ද සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ.

Related articles

Recent articles

spot_img