මහ බැංකුවේ රන් සංචිතය අඩකටත් වඩා දෙසැම්බර් මාසයේ දී අඩුවෙලා

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිත විකුණා ඇතැයි වාර්තා වේ.

මහ බැංකුව සතු මුදල් සංචිතයට රන් සංචිතයක් ද ඇතුළත්ය.

මහ බැංකු දත්ත අනුව පසුගිය 2021 නොවැම්බර් අවසානයේ දී මෙට රන් සංචිතයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 382.2 කි.

නමුත් 2021 දෙසැම්බර් අවසානය වනවිට එම සංචිතය දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 175.4ක් ලෙසිනි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිත ප්‍රමාණය මාසයක් ඇතුළත ඩොලර් මිලියන 206.8කින් පහළ වැටී ඇති බව මහ බැංකුවේ වාර්තා අනුව ම සනාථ වෙයි.

ලෝක වෙළෙඳ පොළේ රත්‍රන් මිල වේගයෙන් වැඩි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles