-4.8 C
New York

කුසල්, ධනුෂ්ක, නිරෝෂන් තිදෙනාගේ ක්‍රිකට් තහනම ඉවත්කරයි

Published:

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක තිදෙනාට විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පනවා තිබූ වසරක ක්‍රිකට් තහනම ඉවත්කිරීට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව යෝග්‍යතා පරීක්ෂණය සමත් වුවහොත් ඔවුන් තිදෙනාට ද එළඹෙන සිම්බාබ්වේ තරඟ සංචාරය සඳහා එක්වීමේ අවස්ථාවක් ලැබී තිබේ.

එංගලන්තය තරඟ සංචාරයේ දී ජෛව බුබුළ උල්ලංඝනය කරමින් වි‍නය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් තිදෙනාට ම ‍එක් යකුට රුපිියල් කෝටිය බැගින් දඩයක් ද වසරක ක්‍රිකට් තහනමක් දපනවා තිබිණි. එම තහනම් වසර අවසන් වූ පසු තවත් වසරකට ජාත්‍යන්තර ක්‍රිකට් තහනම් කර එය අත්හිටුවා තිබිණි. එමෙන් ම මාස 06ක දේශීය තරඟ තහනමක් ද පනවා තිබිණි.

අද (07) එම සියලු තහනම් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉවත්කර ඇත.

Related articles

Recent articles

spot_img