-5.9 C
New York

චීන පොහොර සමාගමට, මහජන බැංකුව ඩොලර් මිලියන 6.9ක් ගෙවයි

Published:

චීනයෙන් ගෙන්වන ලද පොහොර නැව සඳහා මහජන බැංකුව එම පොහොර සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් ගෙවා ඇත.

කොළඹ වාණිජ මහාධිකරණය පනවා තිබූ වාරණ නියෝගයක් ඉවත්කිරීමත් සමඟ එම පියවර ගන්නා බව මහජන බැංකුව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

මෙරට කාබනික ගොවිතැන සඳහා බව කියමින් චීනයේ චින්ඩාවෝ සීවින් බයෝටෙක් නමැති සමාගමකින් මෙම පොහොර තොගය ආනයනය කර තිබූ අතර එම පොහොර සාම්පල මෙරට රසායනාගාරවල පරීක්ෂා කිරීමටත් පෙර පොහොර රැගත් Hippo Spirit නමැති නෞකාව මෙරටට පැමිණීමට ගමන් ආරම්භ කර තිබිණි.

ශ්‍රී ලංකාවේ පර්යේෂණායතන විසින් තහවුරු කරගෙන තිබුණේ එම පොහොර තොගවල අහිතකර බැක්ටීරියා අඩංගු බවයි. එ් හේතුවෙන් එම පොහොර මෙරටට ගොඩබෑමට අවසර ලැබුණේ නැත.

Related articles

Recent articles

spot_img