-5.9 C
New York

සතොස අධි මිලට බඩු විකුණයි. පාරිභෝගිකයා සූරා කනහැටි මෙන්න

Published:

සතොස ඇතැම් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අධි මිලට විකුණන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

සහල් සහ සීනි අඩුමලට සතොස මගින් ලබාදෙන බවට ප්‍රකාශ කළ ද අද (ජනවාරි 07) වනවිට බොහෝ සතොස අළෙවි සැල්වල සීනි නැත. කැකුළු සහල් නැත. ඇත්තේ සුදුු සහල් වර්ගයක් සහ රුපියල් 300.00කට වඩා වැඩි මුදලකට එක් කිලෝ ග්‍රෑමයක් අළෙවි කරන විදේශීය සහල් වර්ගයක් පමණි.

සතොසේ රට ලූනු කිලෝ ග්‍රෑමයක් රුපියල් රුපියල් 225.00 කට අළෙවි කරන අතර සාමාන්‍ය වෙළෙඳ පොළේ වඩාත් ගුණාත්මක බවින් යුතු රට ලූනු කිලෝ ග්‍රෑමයක් රුපියල් 150.00කි. එමෙන්ම සාමාන්‍ය වෙළෙඳ පොළේ රුපියල් 235.00කට අළෙවි කරන අර්තාපල් අල කිලෝ ග්‍රෑමයක් සතොසේ රුපියල් 292.00කි.

මෙය සැබැවින් ම පාරිභෝගිකයා සූරා කෑමකි.

Related articles

Recent articles

spot_img