-2.1 C
New York

බද්දේගම හිටපු මන්ත්‍රී, ගිනි අවි සමඟ අත්අඩංගුවට. පුතා ප්‍රදේශයෙන් පලා ගිහින්

Published:

ගිනි අවියක්, ජීව උණ්ඩයක් සහ රුපියල් ලක්ෂ 88ක මුදලක් සමඟ බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලදාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (05) ගිනිමැල්ලගහ බටහිර ප්‍රදේශයේ දී ය.

හිටපු මන්ත්‍රීවරයාගේ නිවසට යාබදව පිහිටා ඇති අතහැර දැමූනිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත මිලිමීටර 09 වර්ගයේ පිස්තෝලයක් සහ ඒ සඳහා යොදාගන්නා ජීව උණ්ඩ මැගසින් දෙකක්, චන්ද්‍රිකා තාක්ෂණයෙන් ක්‍රියාත්මක දුරකථනයක් සහ මුදල් ඇසුරූ ගමන් මල්ලක් සොයාගෙන ඇත. පොලිසිය පවසන්නේ එම නිවස සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරයාගේ බිරිඳට අයත්වූවක් බවයි.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව තංගල්ල, නාකුළුගමුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ගේ නිවසක් 05 වැනි දා උදෑසන සෝදිසි කර තිබිණි. එහි දී අත්අඩංගුවට ගත් 31 හැවිරිදි පුද්ගලයකුගෙන් ලද තොරතුරක් අනුව මෙම වැටලීම කර තිබිණි.

තංගල්ලේ දී අත්අඩංගුවට ගත් එම පුද්ගලයා සීනිමෝදර, කොස්කොරටුව ප්‍රදේශයේ පදිංචි අයකු බවයි. බහුදින යාත්‍රා මගින් මත්ද්‍රව්‍ය ගෙන එන ජාවාරමක් සම්බන්ධව කරන ලද පරීක්ෂණ අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 376ක්, රුපියල් ලක්ෂ 50ක මුදලක්, ග්‍රෑම් 376ක් බරැති රන් ආභරණ ද සොයාගෙන ඇත.

පොලිසිය පවසන්නේ ඔහුගෙන් ලැබුණු තොරතුරු අනුව බද්දේගම හිටපු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුවකු බවට විශ්වාස කරන බවයි. ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර හිටපු මන්ත්‍රීවරයා අතුඩංගුවට ගෙන ඇත.

(ඖෂධ කමලනාථ)

Related articles

Recent articles

spot_img