ඉතාමත් ඉක්මණින් මෙරට හාල් කිලෝවක් රුපියල් 300.00ක් දක්වා ඉහළ යා හැකි බව පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් හිමියන් පවසයි.
දැනටමත් වී තොග අවසන්ව ඇති බවත් ලබන මාසයේ දී මෙරට වෙළෙඳ පොළේ සහල් මිල දී ගැනීමට කිරිපිටි සහ ගෑස් පෝළිම් වැනි පෝළිම් ඇතිවීම වැළැක්විය නොහැකි බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා කීවේය.
ඔහු වැඩිදුරටත් පවසන්නේ රජය වී සඳහා රුපියල් 75.00ක් ගෙවන බව කීව ද පුද්ගලික අංශයෙන් වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 95.00ක මුදලකට මිල දී ගන්නා බැවින් රජයට වී ඇටයක්වත් මිල දී ගත නොහැකි බව ඔහු කියයි.”
මීට අමතරව රජයේ ලියාපදිංචි කෘෂි ව්‍යවසායක ජාතික එකමුතුවේ ජාතික සංවිධායක ගයාන් තරංග පවසන්නේ කාබනික දියර පොහොර යොදා වී වගාව ඉදිරියට කරගෙන යන්න යැයි කීව ද පීදී ඇති ගොයම බැලූ විට අස්වැන්න වගාකරන ගොවියන්ටවත් ආහාර සඳහා ප්‍රමාණවත් නොවන බවයි. තවත් දින 45කින් වි අස්වැන්න නෙලාගත යුතු වුව ද ගොවීන් වී තමන්ගේ පරිභෝජනය සඳහා තබාගතහොත් උග්‍ර හාල් හිඟයක් ඇතිවන බවත් ඒ සමඟ සහල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.