-5.9 C
New York

ගාල්ලේ ලිට්‍රෝ නියෝජිතයා නීති විරෝධී ගාස්තු අයකරයි. පාරිභෝගිකයාට අධි මිලට ගෑස් බෙදයි

Published:

ගාල්ලේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ නියෝජිතයන් විසින් අමතර ගාස්තුවක් අයකරන බවට මේ වනවිට අනාවරණය වී තිබේ.

ගාල්ල නගරයේ ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ නියෝජිතයාගේ අළෙවි සැළක පමණක් පසුගිය දිනවල ගෘහස්ත ගෑස් සිලින්ඩර අළෙවි කළ අතර ඊයේ (05) කරාපිටිය ඉන්ධන පිරවුම්හළට ගෑස් තොග ලබා දී තිබිණි.

අද (06) එම බෙදා හැරීමේ නියෝජිතයා විසින් ගාල්ල නගරයට පරිබාහිර ප්‍රදේශවලට ද ගෑස් බෙදාහැර ඇති අතර එක් අළෙවි සැළකට ගෑස් සිලින්ඩර 10-20ක් පමණ බෙදාහැර තිබේ. මේ සෑම සිලින්ඩරයකට ම බෙදාහැරීමේ නියෝජිතයා විසින් ගෑස්වල නියමිත මිලට වඩා ප්‍රවාහන ගාස්තුවක් එකතු කර තිබීම විශේෂත්වයකි.

මේ හේතුවෙන් අළෙවි නියෝජිතයන්ට එම ප්‍රවාහන ගාස්තුවත් ගෑස් පාරිභෝගිකයන්ගෙන් අයකරගැනීමට සිදුව ඇත.

ලිට්‍රෝ සමාම රජයේ සමාගකි. එවැනි සමාගම් මෙලෙස කටයුතු කිරීමෙන් පාරිභෝගිකයේ තවත් අමාරුවේ වැටෙති. ඇතැම් තැන්වල ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,000.00 ක පමණ මුදලකට අළෙවිි කෙරිණි.

අයකරනු ලබන අමතර ගාස්තුව ඔවුන් බිල්වල සටහන් කර නැත.

Related articles

Recent articles

spot_img