-0.3 C
New York

ගෑස් මිල ඉහල දැමීමට එරෙහිව කසකස්ථානයේ විරෝධතා; මර්දනයේදී බොහෝ පිරිසක් මරුට

Published:

කසකස්ථානයේ අගනුවර වන අල්මාටි හි කලහකාරී විරෝධතා පාලනය කිරීම සඳහා රාජ්‍ය විරෝධී කැරළිකරුවන් පිරිසක් මරා දැමීමට සිදුවූ බව එරට ආරක්ෂක අංශ පවසයි.

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) මිල දෙගුණයකින් වැඩි වීම නිසා රටපුරා නොසන්සුන්තාවයන් ඇතිවූ අතර විරෝධතාකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 8 දෙනෙකු මීට පෙර මිය ගියහ.

කැරළිකරුවන් පොලිස් ස්ථාන වල පාලනය නතුකර ගැනීමට උත්සාහ කිරීමත් සමග කසකස්ථාන ජනාධිපතිවරයා රුසියාවෙන් හමුදා සහාය ඉල්ලා තිබේ.

විදේශ පුහුණුව ලත් “ත්‍රස්ත කල්ලි” මෙම විරෝධතා පිටුපස සිටින බවට චෝදනා කරමින්, ජනාධිපති ටොකායෙව්, ඇඳිරි නීතිය සහ මහජන රැස්වීම් තහනම් කිරීම ඇතුළුව රටපුරා හදිසි තත්වයක් පැනවීය.

විරෝධතා අතරතුර සිදුවූ අනතුරු වලින් පුද්ගලයින් 1,000 ක් පමණ තුවාල ලබා ඇති අතර 400 ක් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර 62 දෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

විරෝධතාකරුවන් අල්මාටි හි නගරාධිපති කාර්යාලයට කඩා වැදුණු අතර එහිදී සමාජ මාධ්‍යවල වීඩියෝවල ගොඩනැගිල්ලෙන් දුමාරයක් නැඟී ඇති අතර වෙඩි හඬ ඇසෙන්නට විය.

කසකස්තානයේ ප්‍රධාන ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලයට රාජ්‍ය විරෝධී පෙලපාලිකරුවන්ගෙන් පලා යාමට සිදු විය.

බටහිර ඇක්ටෝබ් නගරයේ විරෝධතාකරුවන්ට එරෙහිව ජල ප්‍රහාර එල්ල විය. ඇතැම් ස්ථානවල ආරක්ෂක අංශ විරෝධතාකරුවන් සමඟ සිටි බවටද වාර්තා වේ.

https://www.bbc.com/news/world-asia-59880166

Related articles

Recent articles

spot_img