-0.3 C
New York

ඕස්ට්‍රේලියාව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩකයාගේ වීසා බලපත්‍රය අවලංගු කරයි

Published:

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා පැමිණි ලොව ප්‍රමුඛ පෙළේ ටෙනිස් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සර්බියානු ජාතික නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කර තිබේ.

ඔහු පැය කිහිපයක් මෙල්බර්න් නගරයේ ගුවන් තොටුපළේ රඳවා තිබූ අතර ආගමන විගමන නිලධාරීන් පවසා සිටියේ ඔහු ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ නීති රීති සපුරා නොමැති බැවින් පිටුවහල් කරන බවයි.

ජොකොවික්ගේ සෞඛ්‍ය තොරතුරු ප්‍රසිද්ධ කර නොමැති බැවින් කොරෝනා සඳහා ලබාදෙන එන්නත් ලබාගත්තේ ද යන්න නිශ්චිත නොමැති බව බලධාරීහු පවසති. කෙසේවුවද ජොකොවික් මීට පෙර ප්‍රසිද්ධියේ පවසා තිබුණේ තමන් එන්නත් ලබාගැනීමට විරුද්ධ බවයි.

පසුව ජොකොවික් රජයේ රැඳවුම් හෝටලයකට ගෙන යන ලද අතර ඔහුගේ නීතීඥයින් අධිකරණය හමුවේ හදිසි අභියාචනයක් ගොනුකර ඇත.

තරඟාවලි සංවිධායකයින් පැවසුවේ ඕස්ට්‍රේලියාවේ ටෙනිස් සංගමය සහ වික්ටෝරියා ප්‍රාන්තය විසින් සංවිධානය කරන ලද ස්වාධීන වෛද්‍ය මණ්ඩල දෙකක් මගින් ජොකොවික් එන්නත් නීති රීති වලින් නිදහස් කර ඇති බවයි.

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්, ජොකොවික්ට වෙනස් ලෙස සැලකීම ප්‍රතික්ෂේප කළ අතර කිසිවකු රටේ නීතිවලට ඉහළින් නොසිටින බව පැවසීය. නමුත් එන්නත් කිරීම සම්බන්ධයෙන් ජොකොවිච්ගේ ස්ථාවරය අවධානයට ලක් වූ බව ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ජනවාරි 17 වැනිදා මෙල්බර්න් හිදී ආරම්භ වේ. ජොකොවික් මීට පෙර 9 වතාවක් තරගාවලිය ජයගෙන ඇත.

https://www.bbc.com/news/world-australia-59889522

Related articles

Recent articles

spot_img