-4.8 C
New York

රට යළි වසා දැමීමට සිදුවෙයි. සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Published:

ඔමික්‍රෝන් ප්‍රභේදය රටපුරා පැතිරීයන මෙවන් අවස්ථාවක ජනතාව එය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නැතිනම් ඉතාමත් භයානක තත්වයක් උදාවිය හැකියැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඔමික්‍රොන් පැතිරීමෙන් රෝගය ව්‍යාප්තිය වැඩි වුවහොත් රටම දරුණු තත්වයකට පත්වන බවත් රට නැවත වසා දැමීමට සිදුවිය හැකි බවත් හෙතෙම පවසයි. එවිට ඇතිවන ආර්ථික කඩා වැටීම හේතුවෙන් රට නැවත ගොඩගත නොහැකි වනු ඇතැයිි ද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හැකි ඉක්මණින් බූස්ටර් එන්නත ලබාගැනීම අත්‍යාවශ්‍ය බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

“ඇතැම් අය විවිධ හේතූන් දක්වමින් කොරෝනා මර්ධන තුන්වැනි එන්නත ලබාගැනීමට මැළිකමක් දක්වනවා. මෙය ඉතාමත් ඉක්මණින් ගත යුතුයි. ඔමික්‍රෝන් රැල්ලක් ඇතිවීම වැළැක්වීමට තියෙන හොඳම ක්‍රමය එයයි.”

යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙම කීවේය.

Related articles

Recent articles

spot_img