ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීම සඳහා වූ චක්‍රලේඛය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඊයේ (05) නිකුත්කරනු ලැබීය.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016(IV) ලෙස නම් කර ඇති එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත්තේ 2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 සහ ඊට සංශෝධන ලෙස නිකුත් කරන ලද 2016.07.01 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 සහ 2018.06.14 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016(III) කෙරෙහි ද අවධානය යොමුකරන බවයි.
ගුරු විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් ිකරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණඩල රැස්වීමේ දී එළැඹි තීරණය අනුව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ, ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයේ හා ශ්‍රී ලංකා ගුරු සේවයේ පිළිවෙළින් GE 4-2016, GE 3-2016, GE 2-2016 සහ GE 1-2016 යන වැටුප් පරිමා සංශෝධනය කරන බවයි.
මේ අනුව වැටුප් සංශෝධනය 2022.01.01 දින සිට ක්‍රියාත්මක වන බවත්, මෙම චක්‍රලේඛය ජාතික වැටුප් කොමිෂන් සභාවේ සහ මුදල් අමාත්‍යාංශයේ එකඟත්වය ඇතිව නිකුත්කරනු ලැබූ බවත් සඳහන් කර ඇත.
(එම චක්‍රලේඛය පහතින්)








