ඉන්දියාවේ බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේ කොවිඩ් වයිරසයේ ඔමික්‍රොන් ප්‍රබේදය වැළඳුනු පුද්ගලයකු මියගොස් තිබේ. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙය එරට සිදුවූ ඔමික්‍රෝන් පළමු මරණය බවයි.
වයෝවෘද්ධ පුද්ගලයකු වන මොහු දින කිහිපයකට පෙර හෘදයාබාධයකින් මිය ගොස් ඇති අතර පරීක්‍ෂණවලින් පසුව පෙනී ගොස් ඇත්තේ ඔහුට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවයි.
මේ වනවිට ඉන්දියාව පුරා ඔමික්‍රොන් ප්‍රබේදය පැතිරෙමින් පවතින අතර දෛනික ආසාදන සංඛ්‍යාව 50,000කට වැඩි අගයක් ගෙන තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කළේ රට තුළ පළමු ඔමික්‍රෝන් රෝගියා අණාවරනය වී මාසයකට වැඩි කාලයක් ගතවී ඇති බවයි. මේ වනවිට රට තුළ මුළු ඔමික්‍රෝන් ආසාදන සංඛ්‍යාව අවම වශයෙන් 2,135 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔවුහු පවසති.
රජයේ නිලධාරීන් පවසන්නේ රටේ තුන්වන ආසාදන රැල්ලේ දෛනික රෝගීන්, පසුගිය වසරේ මැයි මාසයේදී වාර්තා වූ 414,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් විය හැකි බවයි. මෘදු රෝග ලක්ෂණ පෙන්වන බැවින් බොහෝ අය ඔම්ක්‍රෝන් ප්‍රභේදය සැහැල්ලුවට ගන්නා බවත් මුහුණු ආවරණ පැළඳ නොසිටින බවත් ඔවුහු පවසති.
වැඩිවන රෝගීන් හමුවේ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක රාත්‍රී ඇඳිරි නීතිය පනවා ඇති අතර පාසැල් ද වසා දමා ඇත. මීට අමතරව සති අන්තයේ නිවසේ රැඳී සිටින ලෙස ද ජනතාවට නියෝග කර ඇත.
ඉන්දියාවේ මේ දක්වා සමස්ත COVID-19 රෝගීන් මිලියන 35 කට වඩා වාර්තා වී ඇති අතර එය එක්සත් ජනපදයට පසු දෙවන ඉහළම සංඛ්‍යාවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය බදාදා නව මරණ 534 ක් වාර්තා කළ අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 482,551 දක්වා ඉහළ ගියේය.
කෙසේවුව ද ඉදිරි සති සහ මාසවලදී පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයට පෙර දේශපාලන පක්ෂ මහජන රැස්වීම් අඛණ්ඩව පවත්වා තිබේ. ඉන්දියාවේ, පසුගිය වසරේ අපේ‍්‍රල් සහ මැයි මාසවලදී පැවති මැතිවරණ වලින් පසු විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවු පරිදි මෙවරත් සිදුවනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ බිය පළ කරති.
https://www.reuters.com/world/india/indias-new-covid-19-cases-double-four-days-58097-2022-01-05/