-4.8 C
New York

ගොවි උද්ඝෝෂණයක් නිසා ඉන්දීය අගමැති පාලමක් මත හිරවෙයි

Published:

ගොවි උද්ඝෝෂණයක් හේතුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට විනාඩි 20ක පමණ කාලයක් ගුවන් පාලමක් මත හිරවී සිටීමට සිදු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පන්ජාබ් හි ෆෙරාසෙපූර් ප්‍රදේශයේ පැවැති උත්සවයකට ගුවනින් යාමට සිටි අගමැතිවරයා අයහපත් කාලගුණය හේතුවෙන් මෝටර් රථයෙන් ගොස් ඇති අතර ගොවීන් පිරිසක් මාර්ගයේ උද්ඝෝෂණය කරන බැවින් ආරක්ෂක අංශ විසින් අගමැතිවරයා රැගත් රථය ගවුන් පාලම මත නවතා තිබේ.

එහි දී ඇති වූ වාහන තදබදය හේතුවෙන් අගමැතිවරයාට විනාඩි 20ක පමණ කාලයක් එම පාලම මත හිරවී සිටීමට සිදුව ඇත.

ද හින්දු පුවත් සේවය වාර්තා කළේ එය “ආරක්ෂක අඩුපාඩුවක්” ලෙස සළකා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ අගමැතිවරයා සහභාගීවීමට තිබූ උත්සවය ද අවලංගු කර දැමූ බවයි.

https://www.thehindu.com/news/national/pm-modis-ferozepur-visit-in-punjab-cancelled-over-security-lapse-says-mha/article38125442.ece

https://indianexpress.com/article/cities/chandigarh/pm-modi-skips-punjab-rally-over-security-breach-7707554/

Related articles

Recent articles

spot_img