සතියක පමණ කාලයක් තිස්සේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සුඛෝපභෝගී ජෙට් යානා දෙකක් නවතා ඇති අතර ඒ පිළිබඳ කටුනායක ගුවන්තොටුපොළ බලධාරීන් මාධ්‍යයට කිසිවක් පවසන්නේ නැත.
එම එක් යානාවක් ස්විට්සර්ලන්තයේ සිට මාලදිවයින හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර අනෙක් යානය බ්‍රිතාන්‍ය සිට මෙරටට පැමිණ ඇත.
මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති M-ERCI නමැති ජෙට් යානය මර්සි ලිමිටඩ් නමැති සමාගමකට අයත් බව සඳහන් වේ. එය අයිල් ඔෆ් මෑන් නමැති දූපතක ලිපිනයක් යටතේ ඇති අතර මෙතෙක් ලියාපදිංචි නොකළ යානයක් බව ද දැක්වේ.
බ්‍රිතාන්‍යයේ සිට සෘජුවම ශ්‍රී ලංකාවට පැමිණ ඇති G-GSVI නමැති ජෙට් යානය එක්සත් රාජධානියේ බිලියනපති ව්‍යාපාරිකයකුට අයත් බව අනාවරණය වී ඇත. එම යානය එක්සෙකටිව් ජෙට් චාටර් ලිමිටඩ් නමැති සමාගමක් අයත්ය.
එම යනා දෙකම මෙරටට පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් 28 වැනි දා ය.
මෙම යානාවලින් පැමිණි පුද්ගලයන් පිළිබඳ ගුවන්තොටුපොළ කාර්ය භාර කළමණාකරුගෙන් විමසූ විට ඔහු පවසන්නේ ඒවායේ පැමිණි පුද්ගලයන් පිළිබඳ තමන්ට කිසිවක් පවසා නොමැති බවයි. එමෙන්ම පැමිණෙන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු බව ද ගුවන් තොටුපොළ බලධාරීන් පවසයි.