ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් ඉදිරි සති කිහිපයේ දී ශ්‍රී ලංකාවේ තවත් කොරෝනා ආසාදන රැල්ලක් අතිවීමේ බරපතල අවදානමක් ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
මේ හේතුවෙන් කොරෝනා මර්ධන බූස්ට්ර් මාත්‍රාවව හැකි ඉක්මණින් ලබාගැනීම වැදගත් බව ද එම සංගමය පෙන්වා දෙයි. මේ දක්වාම බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ එය ඉලක්කකර ඇති ජනගහනයෙන් 25%ට අඩු ප්‍රමාණයකි. එමෙන්ම බොහෝ දෙනකුගේ ඒ සඳහා උනන්දුවක් නොමැති බව ද පෙනෙන්නට තිබේ.
ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරට සංසරණය වෙමින් පවතින අවස්ථාවක රටේ මහජනතාව උත්සව කාලයේ දී හැසුරුණු ආකාරය දැවැන්ත කොරෝනා ආසාදන රැල්ලකට හේතුවක් බව විශේෂඥ වෛද්‍යවරු කියති.
ශ්‍රී ලංකාවේ මෙතෙක් ප්‍රමුඛව පැවතියේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයයි. එය අභිබවමින් ලෝකයේ බොහෝ රටවල ඉතාමත් වේගවත් ව්‍යාප්තියක් පෙන්වන ඔමික්‍රෝන් ප්‍රභේදය අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂව බරපතල නොවූව ද පැතිරීමේ ඉහළ හැකියාව හේතුවෙන් රෝගීන් සංඛ්‍යාව වැඩිවී සෞඛ්‍ය පද්ධතිය බිඳවැටිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදෙයි.
එබැවින් ඔමික්‍රෝන් වයිරසයෙන් බේරීම සඳහා සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිම ආකාරයෙන් ආරක්ෂා කරන ලෙසත් බූසටර් මාත්‍රාව ඉක්මණින් ලබාගන්නා ලෙසත් රටේ සියලු ජනතාවගෙන් එම සංගමය ඉල්ලා සිටියි.