-4.8 C
New York

කොටස් වෙළෙඳ පොළ ඉක්මණින්ම ඒකක 13,000 ඉක්මවන ලකුණු

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ගනුදෙනු 77,277ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 10,413ක් බවට පත්විය.

අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 174කින් ඉහළ ගිය අතර එය ඒකක 12,800ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලින 1,766යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 777යි, ප්‍රයිම් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 621යි ලෙස ද, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර ඉන්ඩස්ට්‍රියල් ඇක්සහෝල් සමාගම කොටස් මිලියන 90යි, ටෙක්ස්ඇග්‍රෝ සමාගම කොටස් මිලියන 65යි, එස්එන්බී ලීසිං (X) කොටස් මිලියන 61ක් ලෙස ප්‍රමුඛ විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ විටිනාම සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 747ක් වාර්තා කරමින් පළමු ස්ථානයේ ද, රුපියල් බිලියන 605ක් වාර්තා කරමින් එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලින 247ක් වාර්තා කළ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම තෙවැනි ස්ථානයට ද පත්විය.

දිනය තුළ දී වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර බ්ලූ ඩයමන්ඩ් සමාගම 44%කින් ද, මර්චන්ට් බැංකුව 36%කින් ද, අලියාන්ස් රක්ෂණ සමාගම 30%කින් ද කැපී පෙණිනි

සංවෘත කවය තුළ සම්පත් බැංකුව රුපියල් 52.00 බැගින් කොටස් මිලියන 01ක් ද, රේණුක හෝල්ඩින් සමාගම රුපියල් 21.00 බැගින් කොටස් මිලියන 1.2ක් ද, එන්ඩීබී බැංකුව කොටස් මිලියන 7.3ක් රුපියල් 72.00 බැගින් ද, ඒසියාශ්‍රියාකා සමාගම කොටස් මිලියන 10ක් රුපියල් 3.40 බැගින් ද හුවමාරු විය.

විදේශ ආ‍යෝජකයන් විසින් රුපියල් මිලියන 113ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 709ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනය තුළ දී පමණක් ශුද්ධ ලෙස රුපියල් මිලියන 596ක මුදලක් විදේශීය ආ‍යෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත. විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර චෙස්ටර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 23යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 22යි, සීඅයිසී සමාගම රුපියල් මිලියන 16යි, හේලීස් සමාගම රුපියල් මිලියන 10යි, වින්ග් ෆෝර්ස් සමාගම රුපියල් මිලියන 5.3ක් ලෙස ද, විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 496යි, සොෆ්ට්ලොජික් සමාගම රුපියල් මිලියන 42යි, සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 31යි, ඕවර්සීස් රියලටි සමාගම රුපියල් මිලියන 24යි, සෙලාන් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලින 19ක් ලෙස සටහන් විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ බොහෝ භාණ්ඩ හා සේවා අපනයන සමාගම්වල ලබා ඇති අධික ලාභය හේතුවෙන් භාණ්ඩ හා සේවා සමාගම්වල කොටස් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි අයෝජකයෝ විශ්වාසය පළකරති.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img